Wednesday, May 9, 2012

“මමත් ඡායාරූප ශිල්පි‍යෙක්මි.”


clip_image001
පළමු‍වෙන්ම කියන්න ඕනි ‍මේ ලිපිය මා විසින් ලියන ලද්දක් ‍නෙවන බව සදහන් කලයුතු ‍වෙනවා. ‍මේ ලිපිය මා උපුට ගන්නා ලද්‍දේ ජායාරෑපශිල්පීන් ‍වෙන්ු‍වෙන් පලකරන ලද “කැමරා ” නම් මාසික සගරා‍‍වෙනි ‍මේ පලවි තිබු‍නේ 1962 වර්ෂ‍යේ මර්තු මස කලාප‍යේය්. මට ‍මෙය පලකරන්‍නේ ‍මේ ලිපි‍යේන අපට යම් යම් ‍දේ උකහා ගත හැකි බැවිනුත් අනික් කරැණ ‍මේ ලිපිය වර්තමාන‍යේ ‍සෙයාගැනීමට අපහසු යැයි හැගුනු බැවිනි.‍මේ ලිපි‍යේ නියම හිමිකරැවා වන්‍නේ ‍එකල ප්රවෘත්ති ‍දෙපාර්ත‍මේතන්තු‍වේ ප්රාධන ඡායාරෑප ශිල්පි වික්ටර් සුමතිපාල මහතා‍ය. එම ලිපි‍යේ කිසිම ඇලපිල්ලක් පාපිල්ක් වත් ‍වෙනස් ‍නොකට ‍මෙහි පලකරමි
කැමරාවක් අතට ගත් පමණින් ම “මමත් ඡායාරූප ශිල්පි‍යෙක්මි “ යයි සිතන්නන් අප රට බහුලය. ක්ෂණිකා‍ලොක් එල්ලයක් (Flash Gun) අමුණා ගත් වහා ‍මොවුන්‍ගේ තත්වය වඩාත් උසස්‍වේ. අනතුරැව ඔවුන් කල්පනා කරන්‍නේ උපන් දින උත්සවයක්, මගුලක්, මරණයක් ‍හෝ තෑගි ‍බෙදා දීමක් වැනි කිසියම් උත්සවයක් ඡායාරුපයක් ‍දෙකක් රැ‍ගෙන වහ වහා පිටපත් විකිණිමයට. ඉදින් ඔවුන් විමසූ විටක තම රක්ෂාවද ඡායාරෑප ශිල්පය බව කියනු නිසැකය.
‍මේ තත්වය තදින්ම බලපාන්‍නේ අවාසනාවකට ‍මෙන් අ‍පේ ර‍ටේ තරැණයින් අතරයි. අ‍පේ තරැණයින් වැඩි ‍දෙනා ඔවුන් ඡායාරූප ශිල්ප‍යේ ‍කෙළ පැමිණිය වුවන් ‍සේ සලකති. ඊට ‍හේතුවන ප්රධාන කරුණක් ව ඇත්‍තේ ‍මේ ළගක පටන් අ‍පේ සමහර සතිපතා හා දිනපතා ප්රවෘත්ති පත්තරවල පළවන ඡායාරුපවලට යටින් “ ‍මේ ඡායාරුපය අසවලා විසින්“ නැත්තම් ‍”මේ සිද්ධිය අසවලා‍ගේ කැමරාව දුටු‍වේ ‍මෙ‍සේය” ආදි වශ‍යෙන් ලියා පළ කිරීමයි ‍මෙය පුවත් පත් කතෘවරුන්‍ගේ ‍හොද ප්රගතිශිලී පියවරක් වශ‍යෙන් මා පිළිගනිතත් එහි සීමාවක් ‍නොතිබී‍මෙන් අ‍පේ කරුණයින් වි‍ශේෂ‍යෙන් ලාමකයින් ‍නොමග යවන්නක් බවද කිව යුතුය.
නම ගම සමග ඡායාරුපයක් ප්රවෘත්ති පත්තරයක ‍‍හෝ සගරාවක පළවූ වහා ‍මෙම ලාමක ඡායාරුප ශිල්පීන් සිතන්‍නේ තමනුත් ‍හොද හපන් ඡායාරුපශිල්පින් කියායා. ඉන් පසුව ඔවනු තමන් හදුන්වා ‍දෙන්‍නේ “මම අසවල් පත්තර‍යේ ඡායාරුප ශිල්පියා” නැත්නම් “අසවල් පත්තරයට ඡායාරුප ගනිමි” ආදි වශ‍යෙනි. එ‍හෙත් ‍මොවුන් ගන්නා ඡායාරුප අත‍රෙන් සියයට කීයක් නියම ධර්මානුකූල ඡායාරුප වශ‍යෙන් පිළිගත හැකි ද? ‍මෙසේ ඡායාරුප ඉදිරිපත් කරන අය අතු‍රෙන් සියයට කී ‍දෙ‍නෙකුට හැකි‍‍වේයිද ? පටල පටියක් ‍‍ශෝධනය (Develop) කරගන්න කී ‍දෙ‍නෙකුට හැකි ද? පටලයකින් ඡායාරූප පිටපත් අවශ්‍ය අන්දමට ‍ලොකුකර මුද්දූනය (Enlarge and Print) කරගන්න පුලුවන්ද ? ඡායාරූප ශිල්පය ගැන හය හතරක් ‍නොදැන තමන් ඡායාරූප ශිල්පීන් යයි කියා ගන්නා ‍මේ දුර්වල පුද්ගලයින් නිසා සිදු වී ඇත්‍තේ අද අප රට ඡායාරූපශිල්පය ක්රමවත්ව ‍හෝ ශාස්තීරිය දියුණුවක් ‍නොලබා ඊට නියම ම‍‍‍ගෙන් ඉවත යෑමය.
හරිහැටි කැමරාව හසුරුවා ගැනීමට ඉ‍ගෙන ‍නො‍ගෙන පලට පටියක් ‍ශෝධනය කර ගැනීමට ‍නොදැන ඡායාරූප පිටපතක් නියම අන්දමින් මුද්ද්රණය කර ගැනීමට ‍නොහැකිව තිබියදී තමනුත් ඡායාරුප ශිල්පින් යයි සිතිම අනුවණකමකි.‍මෙය අ‍පේ තරුණ ඡායාරුප ශිල්පීන් වි‍ශේෂ‍යෙන්ම සිතට ගත යුතුය. මුල් අවදි‍යේදි ම තම ශිල්පය හරිහැටි පුහුණු ‍නොවී වැරදි මගක ගමන් ගත ‍හොත් වයසින් වැඩුණු පසු නැවතත් ඔවුන්ට නිසි මගකටය පිවිසිමට ‍කොහැකිය. බලු නගුට ඇද අරින්න උණ පුරු‍කේ දැම්මත් බැරියයි යන කියමන ඔබ ‍නොදන්නා වාද?
ක්රමාණුකුල පුහුණුවක් හා ශාස්තීරිය දැනුමක් ඡායාරූප ශිල්පය සදහා ඉතා අවශ්‍යය. අහුමුලුවල හැම තැනම ඡායාරූප ශිල්පීන් බිහිවන්‍නේ ‍මෙබදු ක්රමවත් වැඩ පිළි‍වෙලක් අ‍පේ ර‍යේ නැති නිසා ය ඡායාරූප ශිල්පය ශාස්තිරීය හා විද්‍යානුකූල මගක් ඔස්‍සේ ඉගැන්වීමට පිටරටවල් දක්වන උනන්දුව අති විශාලය. අධ්‍යාපනික මාර්ගයක් වශ‍යෙන් ද ඡායාරූප ශිල්පයට ඒ රටවල ලැ‍බෙන්‍නේ උසස් තැනකි. ආසියා‍වේ රටවල් රාශියකම ‍මේ පිළිබදව අධ්‍යාපනික කටයුතු ඇරඹි ඇත. ජපාන‍ය ‍මේ අතින් ප්රමුකත්වය ගනියි. ලංකාව ඒ පහළම හිනි ‍පෙත්‍තේය.
කැමරා සමාජ ඡායාරූප සංගම් තරුණ ශුභසාධක සමිති ඡායාරූප උපකරණ නිෂ්පාදන කරන ‍වෙළද දමාගම් මගින් ‍මේ අුව සංවිධනය කර ඇති ‍සේවාවන් ‍‍බො‍හෝය. එම රටවල තරුණ‍යෝ ළමා වි‍යෙහි දීම කැමරා ශිල්පයක පිළබද සාමාන්‍ය අව‍බෝධයක් ලබති. එම රටවල තරුණ‍යෝ ළමා වි‍යෙහි දීම කැමරා ශිල්පය පිළිබද සාමාන්‍ය අව‍බෝධයක් ලබති. වයසින් වැඩිමත් සමග ඔවුන‍ගේ දැනුම මුහුකුරා යාමත් සමගම ඔවුන්‍ගේ දක්ෂතාවයන් අනුව ඡායාරූප ශිල්පය දියුණු කර ගැනීමටද ‍මෙම රටවල කැමරා සමාජ හා ඡායාරූප සංගම් මග සලසන්නාහ. ‍මේ පිළිබද ඉතා ක්රමවත් වැඩ පිළි‍වෙලක් ඔස්‍ටේ‍රෙලියා‍‍වේ ඇති බව මම ඔස්‍ටෙ‍රේලියා‍වේ ගත කල කාලය කුළ දී (1955) දැන ගතිමි. ඉන්දියා‍වේද ‍මෙබදුම තත්වක් මම දිටිමි. මැ‍ලේසියා‍වේ තරූණයන් සදහා සැල‍සෙන ‍සේවයද ‍මේ අතින් වි‍ශේෂය සෑම පැසලකම හා අධ්‍යාපනික ආයතනයකම පා‍හේ කැමරා සමාජයක් ඇත. ඡායාරූප ශිල්පය ඔවුන‍ගේ පාඨ මාලාවටද ඇතුලත්ය. පටලපටි ‍ශෝධනය (Developing) හා ඡායාරූප මුද්ද්රණයත් හා විශාල කිරිමත් (Enlarging and Printing) ඔවුන් තම පාස‍ලේ පිහටි අදුරැ කාමර (Dark Room) ‍‍‍‍යේ දී ගුරුහුරුකම් අනුව විද්‍යානුකූල ක්රමවලට උගනි ඡායාරූප ශිල්පය පිළිබධව ඔවුන් දක්වන ආශාවත් උනන්දුව හා උද්‍යෝගයත් පුදුමා කාරය.
කොළඹ ක්රමය හා සම්බන්ධ රටවල අද්‍යාපනික සමාජිය හා කාර්මික සංවර්ධනයත් පිළබිඹු කර පෙන්වීමට කොළඹ ක්රමය හා සම්මේලනය නිමිති කොට ක්වාලාලම්පූර් හි වින් ස්ටෙරේඩියම් ශාලාවේ දී පැවැත්වුණු මහා ඡායාරූප ප්රදර්ශනය ගැන එහි පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැක්වූ උනන්දුව අති විශාලය. මෙම ප්රදර්ශනයට රටවල් විස්කින් ඡායාරූප ඉදිරිපත් කර තිබුණි. එයින් ඉතා උසස් තත්වයක් ගත්තේ අපේ ලංකාවේ ප්රදර්ශනයයි කීම මා මගේ හෙරණැවම පිඹිමක් නොව කොළඹ ක්රමය මෙහෙයවන අප දෙපාර්තමේනතුවේ පාලකයින්ගේත් කාර්යය ශුරත්වයකට ගරු කිරීමක් බව කිවයුතුය. එක් දිනකට පාසල් ලමුන් දහදාහක් පමණ දෙනා මෙම ඡායාරූප ප්රදර්ශනය නැරඹීමට පැමිණි අතර දිනපතාම වැළ නොකැඩි පැමිණි ඔව්හු එහි දි ඡායාරූප ශිල්පය පිළිබද දැක්වූ උද්යෝගය විශේෂය.
ලංකාවෙන් රැගෙන ගිය ඡායාරූප මෙම ප්රදර්ශනයේදි ජනප්පිරිය විමට හේතු වූ විශේස රහසක් විය. එය කොළඹ ක්රමය හා ලංකාව අතර ඇති සම්බන්ධය නිසා නොව ලංකාවේ ඡායාරූප වලින් පිළිබිඹු කර පෙන්වුණු දර්ශනියත්වයත් දේශිය ශිෂ්ටාචාරය හා ජාතික ස්වරූපයක් නිසාය. මේ අතින් සලකන විට කලාත්මක ඡායාරූප (Pictorial Photography) කරණය සදහා සිත යොමු කරන්නකුට ආසියාවේ වෙන කිසිම රටක නැති තරම් අගනා අන්දමට ලංකාවේ ස්වාභාවික සවුන්දර්ය හා සමාජ පරිසරයත් පිළිබිඹු කර පෙන්විය හැකිය. අපේ බවුද්ධ ශිෂ්ටචාරයේ අමරණිය යටගියාව පිළිබිඹු කර පෙන්වන පැරණි නටබුන් හා ඒවාගේ ගැබ්ව ඇති ලලිත කලාවනුත් දකින විදේශකයෝ කලා රසයෙන් හා භක්ති ප්රමෝදයෙනුත් මත් වන්නාහ. මේ බව මා ප්රක්ත්‍යක්ෂයෙන්ම අවබෝධ කර ගත්තතේ ක්වාලලම්පූර් ප්රදර්ශනයේදී ඊට ඉදිරපත්කර තිබුනු අඩි 8 ක් උස x අඩි 3 1/2 පළල ඇති ගල්විහාරයේ සටු පිළිමය දැක්වුණු ඡායාරූපය මලයානු දේශින්ගේ සිත් වශි කලේය.
පිටරට වලදි මා නරඹා ඇති ඡායාරූප ප්රදර්ශන සමග සසදන විට ලංකාවේ ප්රදර්ශනවල දී මා දැක ඇති අපේ ලාංකිකයින්ගේ ඡායාරූපවල තත්වය කලාත්මක වශයෙන් ඉතා උසස් යයි කිව හැකිය. නිර්මාන ශක්තිය (Creative Ability)  අපේ ඡායාරූප ශිල්පීන්වෙත පිහිට තිබුනද ඔවුවන්ට ශිල්පඥානක් (Technical Knowledge) නැතිකමින් සෙස රටවල් ඉදිරයේහ ඔවුහු පසු බසින්නාහ. මේ අතින් ජපානය හොංකොං සිංගප්පූරුව ආදි රටවල් ඡායාරූප ශිල්පින් අපරට ශිල්පීන්ට වඩා වාසනාවන්ත ය. ඡායාරූප ප්රදර්ශන තරග හා වෙනත් එබදු අන්දමින් උද්යෝගය හා ශිල්ප ඥනයද දියුණු කරන ව්‍යාපාර ඒ රටවල සීමාවක් නැති තරමට ඇත්තාහ.
අපේ රටේ මේ බදු කටයුතු සීමාවි තිබිම අභාග්‍යෙයකි.කැමරා සමජ පාසල් අතලොස්සකට සීමාවී ඇත. ඒවා කොළඹ හො එබදු ප්රධාන නගරවලට පමණක් සීමා වී තිබේ ඡායාරූප ප්රදර්ශන කොළඹ නගර වැසියන් ගේ සදාකාලික උරුමය ව ඇත. මගේ අදහසේ හැටියට ඡායාරූප ප්රදර්ශන කොළඹ නගරයෙන් පිට පළාත් වලද පැවැත්විය යුතුය යන්නයි…….
මේ ලිපිය පලකලේ කාටවත් අපහස කිරීමේ අදහසින් නොවන බව කරුණාවනේ සලකන්න